චෙස් පුරාණයේ සිට පැවතෙන මේ වන විට ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවකි. චෙස් ක්‍රීඩාව හා බැඳුනු ඉතාමත් රසවත් පුරාවෘත්තයක් ඇත. මෙම පුරාවෘත්තය පිළිබඳව දැනගැනීමට චෙස් ක්‍රීඩාව පිළිබඳව දැනීමක් අවශ්‍ය නැත. එම ක්‍රීඩාව කරන්නේ සුදු පාට හා කළු පාට කොටු 64 ක් ඇති චෙස් පුවරුවක් මත බව දැන ගැනීම පමණක් සෑහේ. චෙස් ක්‍රීඩාව ප්‍රථමයෙන්ම සොයා ගන්නා ලද්දේ වසර 1500 ක ට පෙර ඉන්දියාවේ දී ය. අතීතයේදී මෙම ක්‍රීඩාව චතුරංග ක්‍රීඩාව නමින් හඳුන්වන ලදී. එය සොයාගන්නා ලද්දේ සේෂ නමින් හැඳින්වූ පඬිවරයෙකි. ඉන්දියානු මහරාජා ශ්‍රි රාම් චෙස් ක්‍රිඩාව ඉගෙන ගත් විට එහි බුද්ධිමත් ක්‍රිඩා ක්‍රමය පිළිබඳව ඔහු මහත් පුදුමයට පත්විය. මෙම ක්‍රීඩාව සොයාගන්නා ලද්දේ තම යටත් වැසියකු බව දැනගත් මහරාජා මෙම නිර්මාණය සාර්ථකව නිර්මාණය කිරිම සදහා තම අතින්ම පුද පඬුරු ලබාදීමට සේෂ පඬිතුමා ව මාලිගාවට කැඳවූයේය. ඔහු චාම් ලෙස හැඳ සිටි පඬිවරයෙක් වන අතර ඔහු ගෝලයන්ගෙන් ලැබුණු ගුරුපඬුරු වලින් තම ජීවිකාව ගෙන ගියේය. “සේෂ ඔබ සොයා ගත් මෙම අපූර්ව ක්‍රීඩා සඳහා ඔබට තුටුපඬුරු සම්මාන ලබාදීමට මම කැමතියි . ” මහරාජා කීවේය. පඬිතුමා රජතුමාට හිස නමා ආචාර කළ අතර...