Skip to main content

Posts

Showing posts with the label ඇස් බැන්දුම්

මකා දමා ඇති අංකය - II 🧙‍♂️ (The Missing Number-II)

මිට පෙර ද මෙවැනි ආකාරයේ ගණිතමය ඇස්බැන්දුමක් සාකච්ඡා කර ඇත. මෙය එම ඇස්බැන්දුම් ඒ දිගුවක් ලෙස දැක්විය හැක . එනම් එම ඇස්බැන්දුම ම කරන තවත් ආකාරයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ඔබ එම ඇස්බැන්දුම කියවා නොමැති නම් මෙම මෙතැනින් බලන්න . 10 ට විශාල සංඛ්‍යාවක් සිතා ගන්නා ලෙස ඔබේ මිතුරෙකුට පවසන්න. ඔබේ මිතුරා සිතාගත් සංඛ්‍යාවෙන් එහි ඉලක්කම්   ඔහු කැමති ඕනෑම ආකාරයකින් මාරු කර   අඩු කරන ලෙස ඉල්ලා සිටින්න. ( එම සිතා ගන්නා ලද සංඛ්‍යාවට වඩා වැඩි නම් වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යා අඩු කරන්න.) නිදර්ශනයක්   වශයෙන්   මිතුරා සිතු   2583 සංඛ්‍යාව ලෙස ගනිමු. ඔහු අනුපිලිවෙල මාරු කලවිට 8253 ලැබුනේ යැයි සිතමු. විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කලවිට 8253-2583=5670 . එම සංඛ්‍යාවෙන්න ඔහු කැමති ඉලක්කමක් මකා දමා ඉතිරි අංක ඔබට දන්වන   ඔබේ මිතුරාට පවසන්න. ඔබ දැන් මිතුරා පුදුමයට පත් කරමින් ඔබ මකා දමන ලද ඉලක්කම කියන්න. එය ඔබ සිදු කරන්නේ කෙසේද ? එය පහසුවෙන් පහත ආකාරයට කළ හැක. මෙම ඇස්බැන්දුම ද සිදුකරන්නේ පෙර ඇස්බැන්දුම කර ආකාරයෙන්මයි. මිතුරා දන්වන ලද ඉලක...

මකා දමා ඇති අංකය - I (The Missing Number)

ගණිතමය පසුබිමක් ඇති ඇස් බැන්දුම් බොහොමයක් ඇත. මෙම ලිපිය තුල සාකච්ඡා කරන්නේ එවැනි ගණිතමය ඇස් බැන්දුමකි. 10 ට විශාල සංඛ්‍යාවක් සිතා ගන්නා ලෙස ඔබේ මිතුරෙකුට පවසන්න. උදාහරණයක් වශයෙන් 372 ගනිමු. දැන් එම සංඛ්‍යාවේ ඉල්ක්කම් වල එකතුව (3+7+2=12)  එම සංඛ්‍යාවෙන් අඩුකරන ලෙස ඔබේ මිතුරාට දන්වන්න. ඔහු ලග ඉතිරි වෙන සංඛ්‍යාව 372-12=360 එම සංඛ්‍යාවෙන්න ඔහු කැමති ඉලක්කමක් මකා දමා ඉතිරි අංක ඔබට දන්වන  ඔබේ මිතුරාට පවසන්න. ඔබ දැන් මිතුරා පුදුමයට පත් කරමින් ඔබ මකා දමන ලද ඉලක්කම කියන්න. එය ඔබ සිදු කරන්නේ කෙසේද ? එය පහසුවෙන් පහත් ආකාරයට කළ හැක. මිතුරා දන්වන ලද සංඛ්‍යා වල එකතුව ගන්න. එවිට ලැබෙන පිළිතුරට ආසන්නම නමයෙන් ඉතිරි නැතිව බෙදිය හැකි අංකය සොයා ගන්න. උදාහරණයක් වශයෙ, 360 එන් මකා දමන ලද්දේ පළමු අංකය (3) නම් ඔබට දන්වන්න ඉලක්කම් වනුයේ 6 හා 0යි. ඒවා එකතු කළ විට 6+0=6. එම සංඛ්‍යාවට වෙනත් සංඛ්‍යාවක් එකතු කිරීමෙන් පසු ඉතිරි නැතිව බෙදිය හැකි කුඩාම සංඛ්‍යාව 9 වන බව ඔබට පෙනේ. එනම් එකතු කළ යුතු සංඛ්‍යාව 3 ය. එසේ නම් මකා දමන ලද අංකය 3 ය. අප තවත් උදාහරණයක් සලකා බලමු. ඔබේ මිතුරා හිතාගත ඉලක්කම   319 7 ...