Skip to main content

Posts

Showing posts from March, 2022

මකා දමා ඇති අංකය - I (The Missing Number)

ගණිතමය පසුබිමක් ඇති ඇස් බැන්දුම් බොහොමයක් ඇත. මෙම ලිපිය තුල සාකච්ඡා කරන්නේ එවැනි ගණිතමය ඇස් බැන්දුමකි. 10 ට විශාල සංඛ්‍යාවක් සිතා ගන්නා ලෙස ඔබේ මිතුරෙකුට පවසන්න. උදාහරණයක් වශයෙන් 372 ගනිමු. දැන් එම සංඛ්‍යාවේ ඉල්ක්කම් වල එකතුව (3+7+2=12)  එම සංඛ්‍යාවෙන් අඩුකරන ලෙස ඔබේ මිතුරාට දන්වන්න. ඔහු ලග ඉතිරි වෙන සංඛ්‍යාව 372-12=360 එම සංඛ්‍යාවෙන්න ඔහු කැමති ඉලක්කමක් මකා දමා ඉතිරි අංක ඔබට දන්වන  ඔබේ මිතුරාට පවසන්න. ඔබ දැන් මිතුරා පුදුමයට පත් කරමින් ඔබ මකා දමන ලද ඉලක්කම කියන්න. එය ඔබ සිදු කරන්නේ කෙසේද ? එය පහසුවෙන් පහත් ආකාරයට කළ හැක. මිතුරා දන්වන ලද සංඛ්‍යා වල එකතුව ගන්න. එවිට ලැබෙන පිළිතුරට ආසන්නම නමයෙන් ඉතිරි නැතිව බෙදිය හැකි අංකය සොයා ගන්න. උදාහරණයක් වශයෙ, 360 එන් මකා දමන ලද්දේ පළමු අංකය (3) නම් ඔබට දන්වන්න ඉලක්කම් වනුයේ 6 හා 0යි. ඒවා එකතු කළ විට 6+0=6. එම සංඛ්‍යාවට වෙනත් සංඛ්‍යාවක් එකතු කිරීමෙන් පසු ඉතිරි නැතිව බෙදිය හැකි කුඩාම සංඛ්‍යාව 9 වන බව ඔබට පෙනේ. එනම් එකතු කළ යුතු සංඛ්‍යාව 3 ය. එසේ නම් මකා දමන ලද අංකය 3 ය. අප තවත් උදාහරණයක් සලකා බලමු. ඔබේ මිතුරා හිතාගත ඉලක්කම   319 7 යැයි ගනිමු. එ

චෙස් ක්‍රීඩාව හා බැදුණු ගණිතමය පුරාවෘත්තය (The Mathematical Legend of Chess Game)

චෙස් පුරාණයේ සිට පැවතෙන මේ වන විට ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවකි. චෙස් ක්‍රීඩාව හා බැඳුනු ඉතාමත් රසවත් පුරාවෘත්තයක් ඇත. මෙම පුරාවෘත්තය පිළිබඳව දැනගැනීමට චෙස් ක්‍රීඩාව පිළිබඳව දැනීමක් අවශ්‍ය නැත. එම ක්‍රීඩාව කරන්නේ සුදු පාට හා කළු පාට කොටු 64 ක් ඇති චෙස් පුවරුවක් මත බව දැන ගැනීම පමණක් සෑහේ.  චෙස් ක්‍රීඩාව ප්‍රථමයෙන්ම සොයා ගන්නා ලද්දේ වසර 1500 ක ට පෙර ඉන්දියාවේ දී ය. අතීතයේදී මෙම ක්‍රීඩාව චතුරංග ක්‍රීඩාව නමින් හඳුන්වන ලදී. එය සොයාගන්නා ලද්දේ සේෂ නමින් හැඳින්වූ පඬිවරයෙකි. ඉන්දියානු මහරාජා  ශ්‍රි රාම් චෙස් ක්‍රිඩාව ඉගෙන ගත් විට එහි බුද්ධිමත් ක්‍රිඩා ක්‍රමය පිළිබඳව ඔහු මහත් පුදුමයට පත්විය. මෙම ක්‍රීඩාව සොයාගන්නා ලද්දේ තම යටත් වැසියකු බව දැනගත් මහරාජා මෙම නිර්මාණය සාර්ථකව නිර්මාණය කිරිම සදහා තම අතින්ම පුද පඬුරු ලබාදීමට සේෂ පඬිතුමා ව මාලිගාවට කැඳවූයේය. ඔහු චාම් ලෙස හැඳ සිටි පඬිවරයෙක් වන අතර ඔහු ගෝලයන්ගෙන් ලැබුණු ගුරුපඬුරු වලින් තම ජීවිකාව ගෙන ගියේය. “සේෂ ඔබ සොයා ගත් මෙම අපූර්ව ක්‍රීඩා සඳහා ඔබට තුටුපඬුරු සම්මාන ලබාදීමට මම කැමතියි . ” මහරාජා කීවේය. පඬිතුමා රජතුමාට හිස නමා ආචාර කළ අතර  ඔහු එකවර