Skip to main content

සීබ්‍රා ප්‍රහේලිකාව (Zebra Puzzle)

පුරාවෘත්ත වලට අනුව මෙම ගැටලුව 20 සියවසේ දී ඇල්බට් අයින්ස්ටයින් විසින් නිර්මාණය කරන ලද බවයි. අයින්ස්ටයින් පැවසුවේ එය විසඳිය හැක්කේ ලෝකයේ 2% කට පමණක් බවයි.


නමුත් අපි ඉහත ප්‍රකාශය සත්‍ය දැයි නොදනිමු. මෙම ගැටලුව අපට එතරම් හුරුපුරුදු නැති විවිධ දුම්වැටි වර්ග සහ විවිධ පාවහන් වර්ග වලින් සමන්විත විය. මා මෙය අපට උචිත අයුරින් සංස්කරණය කර ඇත. 

එක ළඟ විවිධ වර්ණවලින් යුත් නිවාස පහක් ඇත. සෑම නිවසකම මිනිසෙක් ජීවත් වේ. සෑම මිනිසෙකුටම අනන්‍ය ජාතිකත්වයක් ඇත, සුවිශේෂී ප්‍රියතම පානයක්, සහ නිශ්චිත සුරතල් සතුන් ඇති කරයි. ඊට අමතරව ඔවුන් එකිනෙකට වෙනස් වෘතිකයන් වේ. ප්‍රශ්නයට පිළිතුරු දීමට පහත සියලු ඉඟි භාවිතා කරන්න.

  1. එක්තරා වීදියක නිවාස පහක් ඇත.
  2. ස්කොට්ලන්ත ජාතිකයා ජීවත් වන්නේ රතු නිවසේය.
  3. ග්‍රීක ජාතිකයා බල්ලෙකු සුරතලයට ඇති කරයි.
  4. කොල පාට නිවාසයේ සිටින පුද්ගලයාගේ ප්‍රියතම පානය කෝපි වේ.
  5. බොලිවියානු ජාතිකයාගේ ප්‍රියතම පානය තේ වේ.
  6. කොල පාට නිවස සුදු පාට නිවසට දකුණු පසින් ඇත.
  7. විද්‍යඥවරයා  හාවුන් සුරතලයට ඇති කරයි.
  8. කහ නිවාසයේ සිටින පුද්ගලයා වෛද්‍යවරයෙකු වේ.
  9. මැද නිවසේ පුද්ගලයාගේ ප්‍රියතම පානය කිරි වේ.
  10. ඩෙන්මාර්ක් ජාතිකයා පළමු නිවසේ ජීවත් වේ.
  11. නීතිඥවරයා, මාළුවන් ඇති කරන නිවසට යාබද නිවසේ වාසය කරයි.
  12. අශ්වයා ඇති  කරන නිවසට යාබද නිවසේ වෛද්‍යවරයා සිටි යි.
  13. ඉංජිනේරුවරයා දොඩම් යුෂ පානය කරයි.
  14. ජපන් ජාතිකයා ගුරුවරයෙකු වේ.
  15. ඩෙන්මාර්ක් ජාතිකයා ජීවත් වන්නේ නිල් නිවස අසල නිවසේ ය.
එසේ නම්, කවුද වතුර බොන්නේ? සීබ්‍රා (Zebra) අයිති කාටද?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


පිලිතුර 

i) 

නිවස:                           1 වන නිවස

නිවසේ වර්ණය:            කහ

ජාතිකත්වය:                 ඩෙන්මාරක්

සුරතල් සත්වයා:           මාළු

ප්‍රියතම පානය:             ජලය

වෘතිකත්වය:                 වෛද්‍යවරයා


ii) 

නිවස:                           5 වන නිවස

නිවසේ වර්ණය:            සුදු

ජාතිකත්වය:                 ජපන්

සුරතල් සත්වයා:           සිබ්‍රා

ප්‍රියතම පානය:             කෝපි

වෘතිකත්වය:                 ගුරුවරයා

ඔබ පිළිතුරු නිවැරදිව ලබා ගත්තාද? එසේ නොමැති නම් තව වරක් උත්සාහ කර නොතේරේ නම් පහත පැහැදිලි කිරීම දෙස බලන්න.




පැහැදිලි කිරීම:

මෙම ගැටලුව විසඳීම සඳහා වගුවක් ඇඳීම අවශ්‍ය වෙයි. මෙහි නිවාස පහක් සහ ගුණාංග පහක් ඇත, එබැවින් වගුව පහත පරිදි පෙනෙනු ඇත.

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

 

 

 

 

 

ජාතිකත්වය

 

 

 

 

 

සුරතල් සත්වයා

 

 

 

 

 

පානය

 

 

 

 

 

වෘතිකත්වය

 

 

 

 

 



අපි දැන් වගුව පිරවීමට පටන් ගමු. ඒ සඳහා දී ඇති ප්‍රකාශ පහලව පාවිච්චි කරන්නෙමු. 
9 ප්‍රකාශය අනුව මැද නිවසේ පුද්ගලයාගේ ප්‍රියතම පානය කිරි වේ. එබැවින් අපට තුන්වන තීරුව කිරි යනුවෙන් පිරවිය හැකිය. 

10 ප්‍රකාශයෙන් කියවෙන්නේ ඩේන්මාර්ක් ජාතිකයා පළමු නිවසේ සිටින බවයි, එබැවින් අපට ඩේන්මාර්ක් ජාතිකයා පළමු තීරුවේ තැබිය හැකිය.
 
15 ප්‍රකාශයෙන් කියවෙන්නේ ඩේන්මාර්ක් ජාතිකයාගේ අසල නිවස නිල් පාට බවයි, එබැවින් අපට දෙවන තීරුවට නිල් වර්ණය දැමිය හැකිය. එවිට,

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

 

නිල්

 

 

 

ජාතිකත්වය

ඩෙන්මාරක්

 

 

 

 

සුරතල් සත්වයා

 

 

 

 

 

පානය

 

 

කිරි

 

 

වෘතිකත්වය

 

 

 

 

 


6 වන ප්‍රකාශය අපට පවසන්නේ කොල පාට හා සුදු පාට නිවාස එකිනෙකට යාබදව ඇති බවයි. එබැවින් පළමු නිවස කොළ හෝ සුදු විය නොහැක. නමුත් පළමු නිවස රතු විය නොහැක, මන්ද යත්, දෙවන ප්‍රකාශයට අනුව ස්කොට්ලන්ත ජාතිකයා රතු නිවසේ සිටින අතර ඩේන්මාර්ක් ජාතිකය පළමු නිවසේ සිටින බව අපි දනිමු. එම නිසා පළමු නිවස කහ බව අපට අනුමාන කළ හැකිය. ප්‍රකාශයට අනුව, එහි වෛද්‍යවරයා සිටියි. 

ඊට අමතරව, 12 වන ප්‍රකාශයට අනුව දෙවන නිවසේ අශ්වයා සිටින බව අපි දනිමු.
එම නිසා,

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

 කහ

නිල්

 

 

 

ජාතිකත්වය

ඩෙන්මාරක්

 

 

 

 

සුරතල් සත්වයා

 

අශ්වයා

 

 

 

පානය

 

 

කිරි

 

 

වෘතිකත්වය

වෛද්‍යවරයා

 

 

 

 









ඩෙන්මාර්ක් ජතිකයාගේ ප්‍රියත්ම පානය කුමක් විය හැකිද? 4 වන ප්‍රකාශය නිසා එය කෝපි නොවේ. 9 වන ප්‍රකාශය නිසා එය කිරි නොවේ. වන ප්‍රකාශය නිසා එය දොඩම් යුෂ නොවේ. එමනිසා ඩේන්මාර්ක් ජාතිකයාගේ ප්‍රියත්ම පානය වතුර විය යුතුයි. 

දෙවන නිවසේ ජීවත් වන්නේ කවුද? එය ස්කොට් ජාතිකයා නොවේ, මන්ද නිවස නිල් පැහැයෙන් යුක්ත වන නිසා. (2 වන ප්‍රකාශය) ඊට අමතරව දෙවන නිවසේ සුරතල් සත්වයා අශ්වයෙකු වන බැවින් එය ග්‍රීක නොවේ. (3 වන ප්‍රකාශය) එම නිසා එය බොලිවියානු හෝ ජපන් ජාතිකයා වේ. නමුත් ඔහූ ජපනෙක් නම් මොනාද බොන්නේ? ජලය නොවේ, කිරි නොවේ, කෝපි (4 වන ප්‍රකාශයෙන්) සහ තේ (5 වන ප්‍රකාශයෙන්) නොවේ. එබැවින් ජපන් ජාතිකයින් දොඩම් යුෂ පානය කළ යුතුය. නමුත් පසුව 13 වන ප්‍රකාශයට  අනුව ඔහු ඉංජිනේරුවරයෙකු වෙයි. නමුත් එයට පටහැනිව 14 ප්‍රකාශයට අනුව, ඔහු ගුරුවරයෙකු බව කියයි. එබැවින් බොලිවියානු ජාතිකයා තේ පානය කරන අතර ඔහු දෙවන නිවසේ සිටිය 

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

 කහ

නිල්

 

 

 

ජාතිකත්වය

ඩෙන්මාරක්

බොලිවියානු

 

 

 

සුරතල් සත්වයා

 

අශ්වයා

 

 

 

පානය

 ජලය

තේ

කිරි

 

 

වෘතිකත්වය

වෛද්‍යවරයා

 

 

 

 










6 වන ප්‍රකාශයට අනුව කොළ පාට සහ සුදු පාට නිවාස අසල්වැසියන් වන අතර එයින් අදහස් වන්නේ රතු පාට නිවස තුන්වන හෝ පස්වන නිවස බවයි. එය පස්වන නිවස යැයි සිතන්න. එවිට ස්කොට්ලන්ත ජාතිකයා එහි වාසය කරන අතර 4 ව ප්‍රකාශයට අනුව ඔහු දොඩම් යුෂ පානය කරන අතර 13 වන ප්‍රකාශයට ඔහු  ඉංජිනේරුවරයෙකි වේ. නමුත් එය එසේ නම්, 7 වන ප්‍රකාශයෙහි සඳහන් පරිදි හාවුන් සුරතලයට ඇති කරන විද්‍යඥවරයා කවුද? ඔහු ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයා හෝ අශ්වයෙකු සිටින බොලිවියානු ජාතිකයා හෝ බල්ලෙකු සිටින ග්‍රීක ජාතිකයා හෝ 14 වන ප්‍රකාශයට අනුව ගුරුවරයෙකු වන ජපන් ජාතිකයද නොවේ. එවිට කාටවත්ම හාවුන් සුරතලයට ඇති කරන විද්‍යඥවරයා වීමට බෑ!! එමනිසා රතු පාට නිවස පස්වන නිවස  විය නොහැක. එබැවින් තුන්වන නිවස ස්කොට්ලන්ත ජාතිකයා වෙසෙන අතර එය රතු පාට බව අපට නිගමනය කළ හැකිය. 

එබැවින් 6 වන ප්‍රකාශයට අනුව හතරවන සහ පස්වන නිවාස සුදු සහ කොළ පැහැ වේ. 4 වන ප්‍රකාශයට අනුව පස්වන නිවසේ පුද්ගලයාගේ ප්‍රියතම පානය කෝපි වේ. එබැවින් 4 වන නිවසේ පුද්ගලයාගේ ප්‍රියතම පානය දොඩම් යුෂ විය යුතුය. තවද 13 වන ප්‍රකාශයට අනුව, ඔහු ඉංජිනේරුවරයෙකු වන අතර සිව්වන නිවසේ සිටියි. එවිට,

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

 කහ

නිල්

රතු

කොල

සුදු

ජාතිකත්වය

ඩෙන්මාරක්

බොලිවියානු

ස්කොට්ලන්ත

 

 

සුරතල් සත්වයා

 

අශ්වයා

 

 

 

පානය

 ජලය

තේ

කිරි

දොඩම් යුෂ

කෝපි

වෘතිකත්වය

වෛද්‍යවරයා

 

 

ඉංජිනේරුවරයා

 










ගුරුවරයෙකු වන ජපන් ජාතිකයා පස්වන නිවසේ සිටිය යුතුය, මන්ද ඔහුට 14 වන ප්‍රකාශයට අනුව සිව්වන නිවසේ සිටිය නොහැක. එම නිසා ග්‍රීක ජාතිකයා ඔහුගේ බල්ලා සමඟ සිව්වන නිවසේ ජීවත් විය යුතුය.( 3 වන ප්‍රකාශය) එවිට,

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

කහ

නිල්

රතු

කොල

සුදු

ජාතිකත්වය

ඩෙන්මාරක්

බොලිවියානු

ස්කොට්ලන්ත

ග්‍රීක

ජපන්

සුරතල් සත්වයා

 

අශ්වයා

 

බල්ලා

 

පානය

ජලය

තේ

කිරි

දොඩම් යුෂ

කෝපි

වෘතිකත්වය

වෛද්‍යවරයා

 

 

ඉංජිනේරුවරයා

 ගුරුවරයා










වගුවේ ඉතිරි කොටස ඉතාමත් පහසුවෙන් දැන් පිරවිය හැක. හාවුන් ඇති කරන විද්‍යාඥවරයා ස්කොට්ලන්ත ජාතිකයා විය යුතුය. එබැවින් බොලිවියානු ජාතිකයා නීතීඥවරයෙකු විය යුතුය. තවද,11 වන ප්‍රකාශයට ඩේන්මාර්ක් ජාතිකයා මාළුවන් සුරතල් සතුන් වශයෙන් ඇති කල යුතුය. ඉතිරිව ඇති අවසාන හිස්තැන සීබ්‍රා විය යුතු අතර එහි හිමිකරු ජපන් ජාතිකයෙකි. එවිට,

 

1 වන නිවස

2 වන නිවස

 3 වන නිවස

4 වන නිවස

5 වන නිවස

වර්ණය

කහ

නිල්

රතු

කොල

සුදු

ජාතිකත්වය

ඩෙන්මාරක්

බොලිවියානු

ස්කොට්ලන්ත

ග්‍රීක

ජපන්

සුරතල් සත්වයා

මාළු

අශ්වයා

හාවා

බල්ලා

සිබ්‍රා

පානය

ජලය

තේ

කිරි

දොඩම් යුෂ

කෝපි

වෘතිකත්වය

වෛද්‍යවරයා

නීතීඥවරයෙකු

විද්‍යාඥවරයා

ඉංජිනේරුවරයා

ගුරුවරයා



මූලාශ්‍රය: : Life International සඟරාව (17 දෙසැම්බර් 1962)
සිංහල අනූවාදය: අශාන් ජයමල් (A.J)

Comments