Skip to main content

Posts

Showing posts from May, 2022

උපන්දින ප්‍රේහෙලිකාව (Birthday Puzzle)

 ඇල්බට් සහ බර්නාඩ් චෙරිල්ගේ මිතුරන් ය. ඔවුන්ට ඇගේ උපන්දිනය කවදාදැයි දැන ගැනිමට ඇගෙන් විමසීය. චෙරිල් ඔවුන්ට උපන්දිනය විය හැකි  දින 10 ක ලැයිස්තුවක් ලබා දෙයි.  මැයි 15 මැයි 16 මැයි 19 ජූනි 17 ජූනි 18   ජූලි 14 ජූලි 16   අගෝස්තු 14 අගෝස්තු 15 අගෝස්තු 17 චෙරිල් ඇල්බට්ට ඇය උපන් මාසය සහ බර්නාඩ්ට ඇගේ   උපන්  දිනය කියයි. ඉන්පසු  පහත සංවාදය ඇතිවිය.  ඇල්බට් : "චෙරිල්ගේ උපන්දිනය කවදාදැයි මම දන්නේ නෑ , නමුත් බර්නාඩ්වත් දන්නේ නැති බව මම දන්නවා." බර්නාඩ් : "මුලදී මම දැනගෙන හිටියේ නැහැ චෙරිල්ගේ උපන්දිනය කවදාද කියලා, නමුත් මම දැන්  දන්නවා ." ඇල්බට් : "එහෙනම් මමත් දන්නවා ෂෙරිල්ගේ උපන්දිනය කවදාද කියලා." එසේනම්, චෙරිල්ගේ උපන්දිනය කවදාද? . . . . . . . . . . . . . . . පිලිතුර පිලිතුර:  ජූලි 16 පැහැදිලි කිරිම : චෙරිල් ඇගේ  උපන්දිනය    විය හැකි මාස හා දින කිහිපයක් ලැයිස්තුගත කර ඇල්බට්ට  චෙරිල්ගේ උපන්  මාසය කියයි.  එනම්  කියන ලද්දේ පහත  මාස

දම්වැලේ ගැටළුව (Chain Puzzle)

පුරුක් 3 බැගින් ඇති දම්වැල් කෑලි 5ක් කම්මල්කරු වෙත ගෙනා ගොවියෙකු ඒවා එකම දම්වැලක් ලෙස  පස්සා දෙන මෙන් ඉල්ලා සිටියේය.(රූපය 1 බලන්න) කම්මල්කරුවාගේ කාර්යය ආරම්භ කිරීමට පෙර කම්මල්කරුවා ඒ සඳහා පුරුක් කීයක් කපා පැස්සිය යුතු දැයි කල්පනා කළේය. පුරුක් හතරක් කපා නැවත පැස්සිය යුතු බව ඔහු තීරණය කළේය. එහෙත් ඊට වඩා අඩු පුරුක් ගණනක් කපා පැවැසීමෙන් එම වැඩේ කළ නොහැකිද? A farmer brought 5 separated pieces of chain, each of consisting of 3 pieces to the blacksmith and asked him to be sold as a single chain. Before starting the work , the blacksmith think how many  chain links  he had to cut and weld for it. (See figure 1) But is it not possible to do that work by cutting off a smaller number of  chain links ? රූපය 1:  දම්වැලේ කොටස් පහක් . . . . . . . . . . . . . . . . ඵිලිතුර /Show Answer පිලිතුර : 3 පැහැදිලි කිරීම : පුරුක් තුනක් කපා පමණක් අප දම්වැල් කෑලි 5 පැස්සිය හැකිය. ඒ සඳහා රූපය 2 ආකාරයට එක දම්වැල් කොටසක පුරුක් තුන ඉවතට ගෙන ඒවායේ ඉතිරි දම්වැල් කෑලි හතර සවි කළ යුතුය. Answer: 3 Explanatio

සීබ්‍රා ප්‍රහේලිකාව (Zebra Puzzle)

පුරාවෘත්ත වලට අනුව මෙම ගැටලුව 20 සියවසේ දී ඇල්බට් අයින්ස්ටයින් විසින් නිර්මාණය කරන ලද බවයි. අයින්ස්ටයින් පැවසුවේ එය විසඳිය හැක්කේ ලෝකයේ 2% කට පමණක් බවයි. නමුත් අපි ඉහත ප්‍රකාශය සත්‍ය දැයි නොදනිමු. මෙම ගැටලුව අපට එතරම් හුරුපුරුදු නැති  විවිධ දුම්වැටි වර්ග සහ විවිධ පාවහන් වර්ග වලින් සමන්විත විය. මා මෙය අපට උචිත අයුරින් සංස්කරණය කර ඇත.  එක ළඟ විවිධ වර්ණවලින් යුත් නිවාස පහක් ඇත. සෑම නිවසකම මිනිසෙක් ජීවත් වේ. සෑම මිනිසෙකුටම අනන්‍ය ජාතිකත්වයක් ඇත, සුවිශේෂී ප්‍රියතම පානයක්, සහ නිශ්චිත සුරතල් සතුන් ඇති කරයි. ඊට අමතරව ඔවුන් එකිනෙකට වෙනස් වෘතිකයන් වේ. ප්‍රශ්නයට පිළිතුරු දීමට පහත සියලු ඉඟි භාවිතා කරන්න. එක්තරා වීදියක නිවාස පහක් ඇත. ස්කොට්ලන්ත ජාතිකයා ජීවත් වන්නේ රතු නිවසේය. ග්‍රීක ජාතිකයා බල්ලෙකු සුරතලයට ඇති කරයි. කොල පාට නිවාසයේ සිටින පුද්ගලයාගේ ප්‍රියතම පානය කෝපි වේ. බොලිවියානු ජාතිකයාගේ ප්‍රියතම පානය තේ වේ. කොල පාට නිවස සුදු පාට නිවසට දකුණු පසින් ඇත. විද්‍යඥවරයා  හාවුන් සුරතලයට ඇති කරයි. කහ නිවාසයේ සිටින පුද්ගලයා වෛද්‍යවරයෙකු වේ. මැද නිවසේ පුද්ගලයාගේ ප්‍රියතම පානය කිරි වේ.