Skip to main content

සෙල්ලක්කාර ගණන්කාරයා (Playful Mathematician)

වසර1700 යේ අග භාගයේදී, ජර්මානු ප්‍රාථමික පාසලක ඉතා දඟකාර කොලු ගැටයෙකු විය. මොහු නිතරම සෙල්ලමට බර ලමයෙකු විය.  වරක් ඔහු කල නොහොබිනා (වැරදි)  කිර්‍යාවක් නිසා ඔහුට දඩුවක් ලෙස ඔහුට 1 සිට 100 දක්වා එකතු කිරීමට දෙන ලදී. ,මෙය ප්‍රාථමික අංශයේ ළමයෙකුට ඉතාමත් අසීරු ගැටලුවකි.

නමුත් මෙම ලමයා තත්පර ගණනකින් මෙම ගැටලුව විස‍ඳු වේ, ගුරුවරයා මහත් පුදුමයට පත් කරමිනි.  


ඔහු කොහොමද ඒක කලේ? ඔහු එය විසඳුවේ පහත ආකාරයට 1 සිට 100ට පද නැවත සකස් කිරිමෙනි.

`1+101=101`

`2+99=101`

`3+98=101`

:      :      :
.      .      .

`49+52=101`

`50+51=101`

එවැනි යුගල 50 ක් ඇති බව ඔහුට වැටහුණි, ඒ සෑම එකක්ම 101 දක්වා එකතු කරයි. එබැවින්, 1 සිට 100 දක්වා වූ සියලුම සංඛ්‍යා වල එකතුව 101 ගුණයකින් 50 ක් වන අතර එය 5050 කි. ඔහු මෙම පිළිතුර තම පුවරුවේ ලියා ගුරුවරයාට දුන්නේය.


මේ ආකාරයට පද නැවත සකස් කිරීමෙන් ඉතා ඉක්මනින් පහසුවෙන්  පිලිතුර ලබා ගත හැක. මෙම ක්‍රමය භාවිතයෙන්  අද වන විට භාවිතා කරන ගුනෝත්තර ශ්‍රේණි වල ඒක්‍ය සඳහා  සූත්‍රය ව්‍යුත්පන්න කර ඇත්තේ මෙමගිනි.

මෙම සුවිශේෂී අතිදක්ශ ශිෂ්‍යයා වූයේ සුප්‍රසිද්ධ ගණිතඥයෙකු සහ භෞතික විද්‍යාඥයෙකු වූ කාල් ෆ්‍රෙඩ්රික් ගවුස් .

Carl Friedrich Gauss
රූපය 1: කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්

ගවුස්ගේ දක්ශතාවය පෙන්නුම් කරන තවත් රසවත් කථාවක්  ඇත. ඔහු වර්තමානයේ වයඹ දිග ජර්මනිය නමින් හඳුන්වන ප්‍රදේශයේදි උපත ලබා ඇත. ඔහුගේ මව නූගත් කාන්තාවක් විය.  ඇය තම දරුවා වන ගවුස් ගේ උපන් දිනය සම්බන්ධයෙන්  කිසිඳු සටහනක් තබා ගෙන නොතිබිණි. ඇය  ඔහුගේ උපන් දිනය පිළි‍බඳව දැන සිටියේ , ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය‍යට (Feast of Ascension) දින 8 කට පෙර බවයි. (එනම්, පාස්කු උත්ස්වයට දින 39කට  පෙර) පසු කාලීනව ඔහු පාස්කු දිනය සොයා ගැනිමෙන් අනතුරුව, ඔහුගේ උපන් දිනය කිසිඳු දෝශයකින් තොරව සොයා ගැනීමට  සමත් විය. ඔහුගේ උපන් දිනය වුයේ, 1777 අප්‍රේල් 30 යි. 

ඔහු කුඩා කල සිටම ඉතා අසීරු ගණිත ගැටලු විසඳිමට සමත් විය. ඔහු වයස අවුරුදු 3 දී පවා තම පියාගේ ගණන් නිවැරදි කරන ලදි. ඔහු වයස අවුරුදු 21 වන විටදි සංඛ්‍යා න්‍යාය (Number Theory) සම්බන්දව 'Disquisitiones Arithmeticae'

Disquisitiones Arithmeticae
රූපය 2: ගවුස්ගේ විශිෂ්ට කෘතිය වන `Disquisitiones Arithmeticae` හි කවරය


මෙම ලිපිය ලිවිමට  යොදා ගන්නා ලද මූලාශ්‍රය: https://www.studymumbai.com/carl-friedrich-gauss/?noamp=mobile

Ashan Jayamal 

Comments