Processing math: 100%
Skip to main content

දියණියන් තිදෙනෙකුගේ වයස (Age of 3 Daughters Riddle)

එක්තරා ගුවන් ගමනක් අතරතුර දී ගණිතඥයෙකු හා ලග සිටි කාන්තාවක් අතර කුඩා කතා බහක් ඇති විය. එහිදි, කාන්තාව ගණිතඥයන්ගේ ගෙන් මෙසේ ඇසුවා. 

"මට දුවලා තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වයස් වල ගුණිතයක් 72 යි. ඔවුන්ගේ වයස් වල එකතුව ඔබගේ ආසනයේ  (ගණිතඥයාගේ ආසනයේ ) අංකයට සමානයි. ඔබට දුවලා තුන් දෙනාගෙ වයස කියන්න පුළුවන්ද?"

ගණිතඥ මඳ වෙලාවක් කල්පනා කරලා කියනවා.

"දීලා තියෙන තොරතුරු වලින් මට විසඳන්න බැහැ. ඒ නිසා ඔබට තව මොකක් හරි තොරතුරක් දෙන්න පුලුවන්ද?"

ඉන්පසුව කාන්තාව කල්පනා කරලා කියනවා.

"මගේ වැඩිමල් දුව චොක්ලට් කෙක් කන්න කැමතියි."

ඒක ඇහුවා විතරයි, ගණිතඥයා වහාම කිව්වා.

"මම හරි පිළිතුර හොයා ගත්තා."

ඔබට පුලුවන්ද දුවලා තුන් දෙනාගෙ වයස සොයන්න.



.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


ඉඟිය: සංඛ්‍යා තුනකට 72ක ගුණිතයක් තිබිය හැකි ක්‍රම කිහිපයක් තිබේ.




පිලිතුර3,3,8

පැහැදිලි කිරිම : වයස් වල ගුණිතය 72 බව දී ඇත. අපි අංක 3ක ගුණිතයෙන් 72 ලැබෙන සියලුම අවස්ථා ලියා ගනිමු.

1×1×72
1×2×36
1×3×24
1×4×18
1×6×12
1×8×9
2×2×18
2×3×12
2×4×9
2×6×6
3×3×8
3×4×6

අපි හොයන උත්තරේ මේ අතර තියෙනවා. දැන් අපි දෙවන ප්‍රකාශය වෙතට හැරෙමු.
වයස් වල එකතුව ගණිතඥයාගේ ආසනයේ අංකයට සමානයි.
නමුත් අපි ගණිතඥයාගේ ආසනයේ අංකය දන්නේ නෑ.

අපි දැන් වයස් වල එකතුව ගැන බලමු.

1+1+72=74
1+2+36=39
1+3+24=28
1+4+18=23
1+6+12=19
1+8+9=18
2+2+18=22
2+3+12=17
2+4+9=15
2+6+6=14
3+3+8=14
3+4+6=13

නමුත් ඇයි මේක ගණිතඥට  විසඳීමට නොහැකි උනේ? 
උදාහරණයක් විදියට ඔහුගේ අහසනයේ අංකය 17 වුනොත් ගණිතඥයා ට එකවරම පිළිතුරු දීමට හැකියාව පැවතියා. නමුත් ගණිතඥයා කාන්තාවකගෙන් කාන්තාවගේ තවත් ඉඟියක් ඉල්ලා සිටිනවා.

ඔබට හොඳින් ඉහත ප්‍රකාශන නිරීක්ෂණය කළ හොත් පෙනේවි ඉහත එකතුව 14 ලැබෙන පිළිතුරු දෙකක් ඇති බව.

2+6+6=14
3+3+8=14

එතකොට බැරිවෙලාවත් ඔහුගේ ආසන අංකය 14 වුණොත් විතරයි නේද? ගණිතඥයා ට පිළිතුරු දිය නොහැක්කේ. ඒ මොකද ඒකට පිළිතුරු දෙකක් තියෙන නිසා. කාන්තාවගේ ඊළඟ ඉඟිය වුනේ,

"මගේ වැඩිමල් දුව චොක්ලට් කෙක් කන්න කැමතියි."

මෙහි ඇති වැදගත්ම දේ චොක්ලට් කේක් නොවේ වැඩිමහල් දුව යන්නයි.

2,6,6 සහ 3,3,8 යන අවස්ථා දෙකෙන් පළමු අවස්ථාවේ වැඩිමහල් දුව යනුවෙන් හඳුන්වන්න කවුරුත් නෑ. මොකද වැඩිමහල් දුවලා (වයස 6 වූ) දෙන්නෙක් සිටිනවා. එම නිසා නිවැරදි පිළිතුර විය යුත්තේ 3,3,8 යන්නයි.


Comments