Skip to main content

දැතිරෝද දෙකක් (Two Cogwheels)

රූපය 1 හි දක්වා ඇති ආකාරයට දැති 24 කින් යුක්ත දැතිරෝදයක් හා දැති 8ක දැතිරෝදයක් එවායේ එකිනෙක දැති ආධාරයෙන් භ්‍රමණය වන සේ සවි කර ඇත. විශාල දැතිරෝදය තම අක්ෂය වටා භ්‍රමණය වන විට කුඩා දැති රෝදය විශාල දැතිරෝදය වටා භ්‍රමණය වේ. කුඩා දැතිරෝදය විශාල දැතිරෝදය වටා සම්පූර්ණ වටයක් යන විට එය තම අක්ෂය වටා කීවතාවක් භ්‍රමණය වේද ?

 

දැතිරෝදය කීවතාවක් භ්‍රමණය වේද?
රූපය 1 : දැතිරෝදය කීවතාවක් භ්‍රමණය වේද? 


ඉඟිය: කුඩා දැතිරෝදය තෙවතාවක් භ්‍රමණය වන්නේ යැයි ඔබ සිතන්නේ නම් වැරදි ය.




පිළිතුරකුඩා දැතිරෝදය තෙවතාවක් නොව හතර වතාවක් භ්‍රමණය වේ. මෙය පැහැදිලි කර ගැනීම සඳහා කඩදාසි කැබැල්ලක් ඔබ ඉදිරියේ තබා ඇති එක සමාන කාසි දෙකක්, උදාහරණයක් වශයෙන් රුපියල් දෙකේ කාසි දෙකක් 2 රූපය ආකාරයට තබන්න. පහළ කාසිය චලනය නොවන සේ ඇගිල්ලෙන් තදකර ඉහළ කාසිය එහි ගැට්ට දිගේ කරකවන්න. ඔබ බලාපොරොත්තු නොවූ ලෙස කාසිය පහලට යන විට තම අක්ෂය වටා සම්පූර්ණ වටයක් භ්‍රමණය වන බව පෙනේ. එය කාසියේ ඉලක්කම් පිහිටන ආකාරයෙන් පරික්ෂා කළ හැකිය. චලනය නොවන කාසිය වටා සම්පූර්ණ වටයක් යන විට අනිත් කාසිය එක් වතාවක් නොව දෙවතාවක් භ්‍රමණය වේ. රූපය 3 හි ඇති GIF එකහි ඔබට එය තවදුරටත් එය පැහැදිලි කරගත හැක.

රූපය 2

රූපය 3





Comments