Skip to main content

ජාතික හැදුනුම්පත් අංකයෙන් උපන් දිනය සොයමුද? (Let's find the date of birth from the National Identity Card number. )

 ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයෙන් ඔබගේ උපන් දිනය පැවසිය හැකි බව ඔබ දැන සිටියාද? එය ඉතාමත් සරල කටයුත්තකි. ඔබට මෙම ක්‍රමය ඉගෙන ගතහොත් ඉතා පහසුවෙන් යොදාගත හැකි අතර ඔබගේ යාළුවන් ඉදිරියේ සිදුකර යාළුවන් පුදුමයට පත්කල හැක.  

ජාතික හැදුනුම්පත අනන්‍යතාවය තහවුරු කිරිමට යොදා ගන්නා ඉතාමත් වැදගත් දෙයකි. වයස අවුරුදු 15 ට වඩා වැඩි ශ්‍රි ලාංකිකයන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමෙන්තුව විසින් නිකුත් කරයි.   මේ වන විට වර්තමානයේ ජාතික හැඳුනුම්පත් වර්ග කිහිපයක් වේ. ඒ මන්ද යත් ඒවා කලින් කලට යාවත්කාලින වන බැවිනි.  2015 තෙක් නිකුත් කරන ලද හැඳුනුම්පත් වල එක්තරා ආකෘතියක් සහ 2016 පසු නිකුත් වූ ජාතික හැඳුනුම්පත් වල තවත් ආකෘතියක් ඇත. මෙම ලිපිය තුළ දී ජාතික හැදුනුම්පත් අංකය තුළ සැඟවී ඇති තොරතුරු හෙළිදරව් කරයි.

2015 තෙක් නිකුත් කල ජාතික හැදුම්පත

2016 ජනවාරි මස 1 දිනට පෙර නිකුත් කරන ලද ජාතික හැදුම්පත් වල අංකය එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ  ඉලක්කම් 9 කින් හා එක් ඉංග්‍රිසි අකුරකින් යුක්ත වෙයි.  එය පහත ආකාරයෙන් යුක්ත වෙයි.

000000000A

මෙහි 0 න් ඉලක්කම් දක්වන අතර A වලින් ඉංග්‍රිසි අකුර දක්වයි.

මෙම අවසන් ඉංග්‍රිසි අකුර සාමාන්‍යයෙන් ‘V’ අකුර ලෙස සඳහන් වේ. එමඟින් අදහස් වෙන්නේ ඔහු හෝ ඇය ශ්‍රි ලංකාවේ ඡන්දදායෙකු බවයි.සමහර විට ඔබට මේ වන විට ඡන්ද බලය නොතිබුනත් නුදුරු අනාගතයේ ඒ සඳහා අවස්ථාව ලැබෙන බවයි.  නමුත් සමහර අයෙකුගේ අවසාන අකුර ‘X ලෙස සඳහන් වී ඇත්නම් එහි අදහස එම ජාතික හැඳුනුම්පත අයිති පුද්ගලයා හට ඡන්ද බලය හිමි වී නොමැති බවයි.

උදා:

  • 963422132V
  • 652178987X


2016 සිට නිකුත් වන නව ජාතික හැදුනුම්පත

2016 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරන ලද ජාතික හැදුම්පත් වල අංකය එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ  ඉලක්කම් 12 කින් යුක්ත වෙයි.  

උදා:

  • 199634202132
  • 197421708324


***


ජාතික හැදුනුම්පත් අංකයෙන් උපන් දිනය සොයමු.

ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් උපන්දිනය සොයන ආකාරය දෙස බලමු.

උදාහරණයක් වශයෙන් පහත දක්වා ඇති ජාතික හැඳුනුම්පත් අංක සලකමු.

972038798V  හෝ 199720308798

අ) i) පැරණි ජාතික හැඳුනුම්පත් සඳහා

    පැරණි ජාතික හැඳුනුම්පත් වල පළමු ඉලක්කම් දෙකන් නිරූපණය වන්නේ අදාළ පුද්ගලයා උපන් වර්ෂයයි. අපගේ උදාහරණයට අනුව අදාළ පුද්ගලයා 1997 දී ඉපදී ඇති බවයි.

   ii) නව ජාතික හැඳුනුම්පත් සඳහා

    නව ජාතික හැඳුනුම්පත් වල පළමු අංක හතරෙන් නිරූපණය වන්නේ අදාළ පුද්ගලයා උපන් වර්ෂය වේ. ඒ අනුව අපගේ උදාහරණයේ ඇති හැඳුනුම්පත් අංකය හිමි පුද්ගලයා 1997 වර්ෂය දී ඉපදී ඇති බවයි.

ආ) ඊළඟ ඉලක්කම් තුනේන් ස්ත්‍රීපුරුෂභාවය උපන් මාසය හා උපන්දිනය නිරූපණය කෙරේ. (ඒ සඳහා උපයෝගී කරගන්නා ලද වගුව පහත දක්වා ඇත.)

ඇ) වර්ෂයකට දින 366 (සෑමවිටම අධික වර්ෂයකට ගණන් බලා ඇත.) ඇති සේ සලකා උපන්දිනයට අංකයක් දී ඇත එම අංකය,

            i) පුරුෂයන් සදහා

                ජනවාරි 1 දින 001 ලෙසද දෙසැම්බර් 31 දින 366 ලෙසද සැලකේ

            ii) ස්ත්‍රීන් සඳහා 

                ජනවාරි 1 දින 501 ලෙසද දෙසැම්බර් 31 දින 866 ලෙසද සැලකේ.

මේ අනුව උදාහරණයේ ඇති හැඳුනුම්පත් අංකය හිමි පුද්ගලයා 1997 වසරෙහි 203 දින උපත ලබා ඇත. එසේ හෙයින් එම හැදුනුම්පත 1994 ජූලි මස 21 දින ඉපදී ඇති පිරිමි අයෙකුගේ වේ.

පහසුව සඳහා ගැහැනු/පිරිමි අයගේ උපන් දිනයට අදාල ඉලක්කම් පහත සදහන් වේ.

මාස

පිරිමි

ගැහැනු  

ජනවාරි

001-031

501-531

පෙබරවාරි

032-060

532-560

මාර්තු

061-091

561-591

අප්‍රේල්

092-121

592-621

මැයි

122-152

622-652

ජූනි

153-182

653-682

ජූලි

183-213

683-713

අගෝස්තු

214-244

714-744

සැප්තැම්බර්

245-274

745-774

ඔක්තෝබර්

275-305

875-805

නොවැම්බර්

306-335

806-835

දෙසැම්බර්

336-366

836-866

 

 වගුව 1

අපි තවත් උදාහරණය කිහිපයක් සලකමු.

උදා 1: 196578902152 හෝ 657892152V සලකමු.

මෙම හැඳුනුම්පත් අංකය හිමි පුද්ගලයා 1997 වසරෙහි (789-500=289) 289 දින උපත ලබා ඇති කාන්තාවක් වේ. එම නිසා එම හැදුනුම්පත 1997 ඔක්තෝබර් මස 15 දින ඉපදී ඇති ගැහැණු අයෙකුගේ වේ.

උදා 2: 200133602152 

මෙම හැඳුනුම්පත් අංකය හිමි පුද්ගලයා 2001 වසරෙහි 336 දින උපත ලබා ඇති පුරුශයෙකුගේ වේ. එම නිසා එම හැදුනුම්පත 2001 දෙසැම්බර් මස 01 දින ඉපදී ඇති පිරිමි අයෙකුගේ වේ.

***

මේ සඳහා මා විසින් python ක්‍රමලේඛන භාෂාව (Programming Language) භාවිතා කරමින් ක්‍රමලේඛනක් (Program) සැකසුවෙමි. එමගින් ඔබට ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර ඔබගේ  ස්ත්‍රී පුරුෂභාවය හා උපන්දිනය බලා ගත හැක. එය පහත දක්වා ඇත.  



- අශාන් ජයමල් (AJ)-    

Comments