Skip to main content

මේස් ප්‍රහේලිකාව (Matching Socks Puzzle)

එක්තරා මිනිසෙක් ගමනක් යෑමට සූදානම් වූයේය. නමුත් ඔහුට මේස් අමතක විය. ඔහු ඉතාමත් කලබලෙන් ඔහුගේ කාමරයට දුවගොස් ඔහුගේ මේ ඇති ලාච්චුව ඇරියේය. නමුත් විදුලිය විසන්ධි වී ඇති නිසා ඔහුට ඔහුගේ මේස් වල වර්ණය දැකගත නොහැක. ඔහුගේ ලාච්චුවේ සුදු මේස් ජෝඩු දහයක් හා කළු මේස් ජෝඩු දහයක් තිබුණත් ඒ සියල්ලම මිශ්‍ර වී පැවතිණි. ඔහුට අවම වශයෙන් එකම පාට මේස් යුගලයක් ඇති බවට සහතික වීමට ඔහු මේස් කීයක් ලාච්චුවෙන් පිටතට ගත යුතුද?

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

පිලිතුර: 3

පැහැදිලි කිරීම:

අවස්ථාව 1පළමු සහ දෙවන උත්සාහයේදී එකම මේස් වර්ණය එළියට පැමිණෙයි.

1 වන - කළු
2 වන - කළු

හෝ

1 වන - සුදු
2 වන - සුදු

එමනිසා, එකම පාට මේස් යුගලයක් ගැනිමට  ලාච්චුවෙන් පිටතට ගත යුතු මේස් ගණන = 2

අවස්ථාව 2 : පළමු සහ දෙවන උත්සාහයේදී විවිධ වර්ණ මේස් එළියට පැමිණෙයි.
1 වන - කළු
2 වන - සුදු

හෝ

1 වන - සුදු
2 වන - කළු
තෙවන උත්සාහයේදී, කළු හෝ සුදු මේස් පිටතට පැමිණේයි.එවිට කුමන වර්ණයෙන් යුක්ත මේස් එකක් පැමිණියත්, එකම වර්ණයෙන් මේස් යුගලයක් සම්පූර්ණ වේ.

ඒ නිසා, එකම පාට මේස් යුගලයක් ගැනිමට  ලාච්චුවෙන් පිටතට ගත යුතු මේස් ගණන = 3


එමනිසා ලාච්චුවේ මේස් ගොඩක් තිබුණත්, එහි ඇත්තේ වර්ණ දෙකක මේස් පමණි, එබැවින් ඔබ මේස් 3 ක් ගන්නේ නම්, ඔබට අවම වශයෙන් ගැලපෙන යුගලයක්වත් ඇති බව සහතිකය විය හැක.

රූපය 1 හි දක්වා ඇති තුළින් මෙය තවදුරටත් අවබෝධ කර ගත හැක.

රූපය 1 : මේස් 3ක් ගන්නේ නම්, අවම වශයෙන් ගැලපෙන යුගලයක්වත් ඇති බව සහතිකය විය හැක.


Comments