Skip to main content

හිස්තැනට එන්නේ කුමක්ද?(Whats come to the Blank)

පහත රූපයේ ඇති සංඛ්‍යා නිශ්චිත රීතියකට අනුව සකස් කර ඇත. ඔබට එම රීතිය සොයාගත හැකිද? ඒ අනුව තැඹිලි වර්ණයෙන් යුක්ත කවයේ සංඛ්‍යාව කුමක්ද?



රූපය 1: තැඹිලි වර්ණයෙන් යුක්ත කවයේ සංඛ්‍යාව කුමක්ද?
සැලකිය යුතුයි: අවසාන කවයේ අංක 7 මුද්‍රණ දෝෂයක් නොවේ.

.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.


පිලිතුර : 12


රූපය 2: විසඳුම

අමතර තොරතුරු: විසිවන සියවසේ කීර්තිමත් ප්‍රහේලිකා නිර්මාණකරුවෙකු වන ජපන් ජාතික Nob Yoshigahara (නොබ් යොෂිගහාරා) මෙම ගැටළුව ඔහුගේ විශිෂ්ටතම ප්‍රේහිලිකාව ලෙස සැලකේ.

පැහැදිලි කිරීම: අපි පලමුව මෙම 'සංඛ්‍යා ගස' නිරික්ශණය කරමු. ඔබේ ඇස ඉහළ වම් පැත්තට ගෙනයන්න. 
72 සහ 99 න් 27 හදන්නේ කොහොමද?
තේරුම් ගත්තා ද! `99 - 72 = 27`.
වෙනත් වචන වලින් කිවහොත්, රවුමක ඇති සංඛ්‍යාව යනු එයට යොමු වන කව දෙකේ සංඛ්‍යා අතර වෙනසයි. 
ඊලඟට, එම රටාවටම අනුව 18 ලැබෙනුයේ
: `45 - 27 = 18`.
එලේසම, 21 ලැබෙනුයේ : `39 – 18 = 21`.
අපි මෙසේ ඉදිරියටම ගියහොත්: `28 – 15 = 13`.
නියමයි! එබැවින් එය දිගටම වැඩ කරයි.
අපි බොහෝ දුරට අවසානට පැමිණ සිටිමු.
බූම්!!!! අවසාන අංකය 7 වන අතර, එයට යොමු වන සංඛ්‍යා දෙක 13 සහ 21 අතර වෙනස 7 නොවේ. 
අයියෝ! අපරාදේ!! අපේ මුල් උපකල්පනය වැරදියි.
යොෂිහාරා, අපව ඉතා අලංකාර මාවතක
 කලාත්මක ලෙස ගෙන ගොස් ඇත්තේ අපව අවුල් කිරීමට යි.



අපි නැවත ගැටළුව විසඳිම අරඹමු. නැවත පලමුවන කවයට යමු. 
72 සහ 99 න් 27 හදන්නේ කොහොමද?
පිළිතුර ඉතා සරල බැවින් ඔබට එය මග හැරෙන්නට ඇත.
`7 + 2 + 9 + 9 = 27`

එහි ඇත්තේ ඉලක්කම් වල එකතුවයි.
මෙය ඊළඟ පේළිය සඳහා පරීක්ශා කරමු: `2 + 7 + 4 + 5 = 18`.එමනිසා එම පේළිය සඳහා ක්‍රියා කරයි.
එබැවින්, අතුරුදහන් වූ ඉලක්කම් විය යුත්තේ: `2+1+3+6=12`
ඊලඟට ,
`1 + 2 + 2 + 8 = 13` සහ
`1 + 3 + 2 + 1 = 7`

දැන් අපේ සංඛ්‍යා රටාව නිවැරදිය. එම නිසා තැඹිලි වර්ණයෙන් යුක්ත කවයේ සංඛ්‍යාව 12 වේ. 

***

ප්‍රහේලිකාව අතිශයින් විචක්ෂණශීලී වන්නේ යොෂිගහාරා විසින් සංඛ්‍යා රටාවෙහි පියවර පහක් සඳහා එකම සංඛ්‍යාවලට ගැලපෙන අංක ගණිත රීති දෙකක් සොයාගෙන ඇති නමුත්, ඉන් එකක් පමණක් අවසාන පියවර සඳහා අසාර්ථක වන අතර අනෙක නිවැරදි වේ. එය අපව වැරදි දිශාවකට යොමු කිරිම ඉන්ද්‍රජාලයක් බඳුය. බොහෝ විට ගැටලුවක් අපහසු වන්නේ එය 'දුෂ්කර ගැටලුවක්' නිසා නොව අප එය වැරදි මාර්ගයේ යන නිසා ය.








Comments