Skip to main content

Abraham Wald and the Missing Bullet Holes(ඒබ්‍රහම් වෝල්ඩ් සහ අතුරුදහන් වූ උණ්ඩ සිදුරු)⁍

මෙම කථාව ආර්ම්භ වන්නේ දෙවන ලෝක සංග්‍රාමය අවධියේය. එහිදී භායානක ගුවන් සටන් වලින් පසුව ප්‍රහාරක ගුවන් යානා නැවත පැමිණියේ උණ්ඩ සිදුරු සහිතවය. රූපය 1 බලන්න.

රූපය 1: දෙවන ලෝක සංග්‍රාමයේදි වෙඩි වැදි උණ්ඩ සිදුරු සහිතව ආපසු පැමිණි ගුවන් යානයක්


1943 දි, ඇමරිකානු හමුදාව ප්‍රහාරක ගුවන් යානා සහ බෝම්බ හෙලන යානාවල සන්නාහයේ ප්‍රශස්ත ප්‍රමාණය සහ පිහිටීම තීරණය කිරීමට උත්සාහ කරමින් සිටියේය. මුළු ගුවන් යානයක්ම සන්නාහයකින් ආවරණය කිරීමෙන් එය බර වැඩි වන් අතර, ගුවන් යානය මන්දගාමී වේ. එවිට වෙඩි වැදිම ඇති ඉඩකඩ වැඩි බව ඔවුහු දැන සිටියහ. අනෙක් අතට, ඉතා කුඩා සන්නාහයක් භාවිතා කිරීම ගුවන් යානයට අයාලේ යන උණ්ඩවලට ගොදුරු වන බව ද ඔවුන් දැන සිටියහ. 

මෙම අභියෝගයට පිලිතුරු සෙවිමට වෙඩි උණ්ඩ සිදුරු සහිතව නැවත කඳවුර වෙත පැමිණි ගුවන් යානාවල වෙඩි උණ්ඩ සිදුරු පිහිටි ස්ථාන පිළිබඳව හමුදාව අධ්‍යනය කිරීමට පටන් ගත්තේය. මිත්‍ර පාක්ෂිකයින් (ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය හා රුසියාව එක්ව  සාදාගත් පිල (The Allies)) සතුරු ප්‍රහාරවලින් බහුලවම පීඩාවට පත් වූ ප්‍රදේශ සොයා ගත්හ.

රූපය 2: ආපසු පැමිණි ගුවන් යානා වල වෙඩි වැදි තිබු ස්ථාන

මෙහෙයුම් වලින් ආපසු පැමිණි ගුවන් යානා වල වෙඩි-කුහර රටා අධ්‍යයනය කිරීමෙන් පසු, නිරික්ශනය වූයේ, ගුවන් යානාවල වැඩිපුරම පහර ලැබු ප්‍රදේශ වූයේ පියාපත්, ඉන්ධන පද්ධතිය සහ බඳ විය. නමුත් පුදුමයට කරුණක් නම්, එන්ජිම මත වැදුණු උණ්ඩ සංඛ්‍යාව අවම විමයි.  මිත්‍ර පාක්ෂිකයින් මුලින් උත්සාහ කළේ සටන් පැවැත්ම වැඩි කිරීම සඳහා ගුවන් යානාවල බහුලවම හානි වූ කොටස් ශක්තිමත් කිරීමට ය.


අතුරුදහන් වූ ගුවන් යානා

      රූපය 3: ඒබ්‍රහම් වෝල්ඩ්     
ගණිතඥයෙකු වන ඒබ්‍රහම් වෝල්ඩ් පෙන්වා දුන්නේ දත්ත දෙස බැලීමට වෙනත් ක්‍රමයක් තිබෙන බවයි. සමහර විට ගුවන් යානාවල ඇතැම් ස්ථාන වෙඩි උණ්ඩවලින් වැසී නොතිබීමට හේතුව එම ප්‍රදේශවල වෙඩි තැබූ ගුවන් යානා ආපසු නොපැමිණීම විය හැකිය. ඔහුගේ මෙම බුද්ධිමත් අදහස නිසා ගුවන් යානයේ උණ්ඩ සිදුරු නොමැති කොටස්වල සන්නාහය නැවත බලගැන්වීමට හේතු විය. තවදුරටත් පැවසුවොත්, අවදානමට ලක්විය හැකි ස්ථාන වූයේ ආපසු පැමිණෙන ගුවන් යානාවල සියලුම වෙඩි උණ්ඩ ඇති ස්ථානය නොවේ. ආපසු නොපැමිණෙන ගුවන් යානාවල වෙඩි උණ්ඩ ඇති වූ ස්ථානය එයයි. මෙම උපාය කොරියානු යුද්ධයේදී Skyraider සඳහාද ප්‍රයෝජනවත් විය.



මෙයින් පෙන්නුම් කරන්නේ කුමක්ද?

මෙයින් පෙන්නුම් කරන්නේ අපට ඇතැම් දත්ත මඟහැරීමට හේතු පවතින දත්ත වලට වඩා අර්ථවත් විය හැකි බවයි. ප්‍රශ්නවලදී, සාක්ෂි පවසන දේට පමණක් සවන් නොදෙන්න, නොකියන දේටද සවන් දෙන්න. 

මෙම ලිපිය සැකසිමට යොදා ගත් මූලාශ්‍ර:
https://www.wordzz.com/finding-the-missing-bullet-holes

- Ashan Jayamal -

Comments